Full Name

Email

Contact No.

Monthly kWh

Message

The Story of Jlanka

උපයෝගිත සූර්යබල යුගයක ඇරඹුම සමගින්

උපයෝගීතා මට්ටමේ සූර්ය බලශක්ති ජනන ව්‍යාපෘති ප්‍රවර්ධනයට හා ඒ උදෙසා ආයෝජකයින් සොයා ගැනීමට ප්‍රතිපත්ති සම්පාදකයින් වෙත සහයෝගය දැක්වීම සඳහා අප සාර්ථක වැඩමුළු පැවැත්වූයෙමු.

2016 මාර්තු

යුගයක ඇරඹුම උදෙසා සූර්යබල සංග්‍රාමයට එක්වෙමින්

වර්තමාන රජය විසින් සූර්ය බලශක්ති ජනනයේ ප්‍රගතිශීලි හැරවුම සනිටුහන් කරමින් සූර්යබල සංග්‍රාමය දියත් කරන මොහොතේ සමාගමක් ලෙස අපගේ දැක්මත් අප සතු තාක්ෂණික නිපුණත්වයත් යලිත් මනාව තහවුරු විය. එලෙසින්ම හරිත බලශක්ති ජනනය උදෙසා වූ ජාතික අවශ්‍යතාවයත් රැකියා උත්පාදනය සඳහා එහි දායකත්වයත් පිලිබඳ අපගේ දැක්ම සූර්යබල සංග්‍රාමය ඔස්සේ සනාථ විය.

2016 සැප්තැම්බර්

ලංකාවේ අනාගත සංවර්ධනයට මඟ හසර සොයමින්

අනාගතය පිලිබඳ තුන්කල් දැක්මක් සහිත සමාගමක් ලෙස අපි ලංකා ඉදිකිරීම් ආයතනය හා එක්ව මෙගාපොලිස් සංවර්ධන වැඩසටහන සාමාන්‍ය ජනතාව අතර ප්‍රචලිත කිරීම සඳහා වැඩමුළු මාලාවක් පැවත්වූයෙමු.

2016

සූර්ය බලයේ සිතිජය තවදුරටත් දිගු කරමින්

නූතන ශ්‍රී ලාංකේය වාණිජ බැංකුකරණයේ ඉදිරිපෙළ සිටින හැටන් නැෂනල් බැංකුව විසින් සිය ආයතනික සමාජ වගකීම අසමසම ලෙස ඉටු කිරීමේ අරමුණ පෙරදැරිව තමන් විසින්ම හරිත බලශක්ති නිපදවීමේ කාර්යයට මුල පිරුවේ දිවයින පුරා ශාඛා 30ක් ඉක්මවා යන පරිදි කිලෝ වොට් 900ක සූර්ය බල පද්ධති අප සමගින් එක්ව ස්ථාපනය කරමිනි.

2016 ජනවාරි

අනාගතය කරා දිවෙන මංපෙත් සොයමින්

ගෘහස්තව IoT විසඳුම් සෙවීම උදෙසා ජේ ලංකා බලශක්ති ඒකකය පිහිටුවන ලදී.

2015 සැප්තැම්බර්

සුහුරු පද්ධතියක් කරා පියවර තබමින්

අනාගත විදුලි ඉල්ලුම හා අවශ්‍යතාවය සපුරාලනු වස් පවත්නා ජාතික විදුලි පද්ධතිය සුහුරු පද්ධතියක් බවට පරිණාමය කිරීම උදෙසා වන දැවැන්ත පිම්මට අප මූලාරම්භය ලබා දුන්නෙමු. මේ අනුව ඕනෑම ස්ථානයක විදුලිය පාලනය කිරීමට හා නිරීක්ෂණය කිරීමට හැකි දේශීයව නිපදවන ලද පළමු සුහුරු බලශක්ති මීටරය වන e-PRO වෙළඳපලට හඳුන්වා දෙන ලදී.

2015 අප්‍රේල්

දේශගුණ විපර්යාසයට එරෙහිව සටන් කරමින්

එක්සත් ජාතීන්ගේ දේශගුණ සමුළුව 2014ට සමගාමීව ශ්‍රී ලංකාවේ පවත්වන ලද බලශක්තිය උදෙසා මිල සූත්‍රයක අවශ්‍යතාවය සම්මන්ත්‍රණය සජීවීකරණය කරමින් දේශගුණ විපර්යාස පාලනය උදෙසා වනා සමාජ මැදිහත්වීමට පෙරටුගාමී දායකත්වයක් ලබා දුන්නෙමු.

2014 ඔක්තෝබර්

අපගේ ප්‍රමිතීන් පිළිගැනීමට ලක් වෙමින්

ශ්‍රී ලංකාව තුල සූර්යබල වෘත්තීයවේදීන් පුහුණු කිරීම හා අධ්‍යයනය සඳහා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් හම්බන්තොට සූර්යබල උද්‍යානයක් පිහිටුවන ලදී. එහි නියාමක සූර්යබල පද්ධතියක් ස්ථාපනය කිරීමේ ටෙන්ඩරය හිමි කර ගැනීමේ භාග්‍යය සමගින් අපගේ ප්‍රමිතීන් උදෙසා නැවතත් රාජ්‍ය අනුමැතිය හිමි විය.

2014 අගෝස්තු

සොඳුරු වෙරළබඩට සේන්දු වෙමින්

වෙරළබඩ කලාපයේ දැඩි සූර්ය විකිරණ පරාසයක් පැවතියද මුහුදු සුළඟ නිසා සූර්ය බලශක්ති ජනනයේ යම් අවප්‍රමාණ වීමක් පෙන්නුම් කරයි. එලෙසින්ම ලවණ මුසු තෙතමනය නිසා පද්ධතියේ දෘඩාංග හායනයක්ද ඇති කරයි. මේ තත්වය වඩාත් විද්‍යානුකුලව අධ්‍යයනය කිරීම උදෙසා අප දකුණු ලක අගනුවර ගාලු පුරවරයට සේන්දු වූයෙමු.

2014 ජූනි

ගෝලීය වශයෙන් ඇගයීම් ලබමින්

තිරසාරත්වය උදෙසා ජේ ලංකා ටෙක්නොලොජීස් සමාගම දක්වන ලද දායකත්වය අගයමින් 2014 වසරේ AREA සම්මානයෙන් අප පිදුම් ලැබුවෙමු.

2014 මාර්තු

සීතල දේශගුණයක අත්දැකීම් පරීක්‍ෂා කරමින්

සාමාන්‍යයෙන් සූර්යබල උත්පාදනය උපරිම වන්නේ උණුසුම් කාලගුණයට වඩා ශීත කාලගුණ තත්වයන් යටතේදීය. මේ කරුණ වඩාත් පරීක්ෂණාත්මකව තහවුරු කර ගැනීම සඳහා අවැසි දත්ත රැස් කිරීමේ අරමුණ පෙරදැරිව ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ හදවත වන මහනුවර අපගේ පළමු ශාඛාව ආරම්භ කරන ලදී. ඒ 2014 පෙබරවාරි මස 22 වන දින මහනුවර විලියම් ගොපල්ලව මාවතේදීය.

2014 පෙබරවාරි

වේගවත් ක්‍රියාන්විතයකට මුල පුරමින්

2012 මුදල් වර්ෂය අවසන් වන විට සමගම පසු ගිය වර්ෂයට සාපේක්ෂව දෙගුණයක පමණ වර්ධනයක් අත්පත් කර ගත අතර සූර්යබල පද්ධති ස්ථාපනයේ සංඛ්‍යාත්මක හා ගුණාත්මක වර්ධනයක් පෙන්නුම් කරන ලදී.

2013 ජනවාරි

ජාතික ආර්ථිකයට හා පාරිසරික තිරසාරත්වයට සවියක් වෙමින්

2012 වසර වන විට අප හරිත සූර්ය බලශක්තිය තුලින් මෙගාවොට් 50ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතිය සඳහා එක කරමින් විදුලි උත්පාදනය සඳහා වැයවන ඩීසල් ලීටර් 3000ක දහනය නැවත්වීමට දායකත්වය සැපයුවෙමු. මෙය එක අතකින් ජාතික ආර්ථිකය සවිමත් කරමින් රුපියල් මිලියන 30ක මුදලක් ඉතිරි කල අතර අනෙක් පසින් ටොන් 4ක කාබන්ඩයොක්සයිඩ් විමෝචනය වලකන ලදී.

2012

ව්‍යාපාර පරිණාමයන් උදෙසා දායකත්වය සපයමින්

ගෘහස්ත මට්ටමේ සාර්ථකත්වය මත පිහිටමින් වාණිජ අංශය උදෙසා අප සේවාව ව්‍යාප්ත කළෙමු. එහි පළමු පියවර ලෙස ඩිල්මා සමාගමේ පෑලියගොඩ කර්මාන්තශාලාවේ විශාල පරිමාණයේ වාණිජ සූර්යබල පද්ධතිය ස්ථාපනය කළෙමු. හරිත බලශක්ති ජනනය සඳහා අප ඔවුනට දැක්වූ සහයෝගය තුලින් ඩිල්මා තේ සතු තිරසර ඉලක්ක සපුරා ගන්නටත් ඩිල්මා සන්නාමය ගෝලීය වශයෙන් වගකීම් සහගත සන්නාමයක් ලෙස වෙළඳපල තුල ස්ථානගත කරන්නටත් හැකිවිය.

2012

නිසි ඇගයීම් නොලත් වීරයින්

ගමන කෙතරම් වැදගත් වුවද පළමු පියවර කිහිපය ඉතා දුෂ්කරය. එබැවින් පළමු පරිහෝගිකයින් 10 දෙනා සොයා ගැනීම සඳහා මාස 08ක කාලයක් ගත විය. පළමු සූර්යබල පද්ධතිය ස්ථාපනය කරන ලද්දේ 2011 මැයි මස 18 වන දින පැලවත්තේ සරත් පෙරේරා මහතාගේ නිවසේදීය. වර්තමානයේදී සූර්ය බලශක්තිය පිලිබඳව ශ්‍රී ලංකාව හිමි කරගෙන ඇති සාර්ථකත්වයට සැබෑ දායකත්වය සැපයූ නිසි ඇගයීමක් නොලද ඒ වීරයන්ට අප කෘතවේදී ප්‍රණාමය හිස නමා දක්වන්නෙමු. එදා ඔවුන් නොපැකිලව ගත් නිවැරදි තීරණය නොවන්නට ජේ ලංකා සමගම පමණක් නොව සූර්යබල කර්මාන්තයද මේ තරම් සාර්ථකත්වයක් නොලබන බව නම් නිසැකය.

2011

පර්යේෂණ හා සංවර්ධන අවධිය පසු කරමින්

හරිත බලශක්ති ජනනය උදෙසා වූ වගකීම් සහගත සමාජ මැදිහත් වීම සමගින් ජේ ලංකා ටෙක්නොලොජීස් සිය සමාජ සත්කාරය අරඹන්නේ ශ්‍රී ලංකාවට යහපත් ප්‍රතිඵලයක් එක කිරීමේ දැක්මෙනි. ඒ අනුව ඵලදායී නිවැරදිම තාක්ෂණය තෝරා ගැනීම උදෙසා සිදුකල සැලකිය යුතු මට්ටමේ පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාවලියකින් පසු සූර්ය පැනල සැපයුම්කරු ලෙස Trina Solar සමාගමත් ඉන්වර්ටර් තාක්ෂණික සහකරු ලෙස Solar Edge සමාගමත් තෝරා ගන්නා ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස සූර්ය බලශක්ති ජනන යුගයක සමාරම්භයේදීම හොඳම තාක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ ගෞරවය ජේ ලංකා සමාගමට හිමිවිය.

2011

යුග පෙරළියක ඇරඹුම සමගින්

සහශ්‍රයේ පළමු දශකය ආරම්භය වන විට ඉහල යමින් තිබූ විදුලි ඉල්ලුම සපුරාලන්නට ජල විදුලි මූලාශ්‍රයන් ප්‍රමාණවත් නොවීය. කෙටි කාලීන හා පහසු විකල්පය වූ පොසිල ඉන්ධන මූලාශ්‍රයන් මිල අධික වූ අතර පරිසරයට ඇති කරන්නා වූ හානියද පාරිභෝගිකයා මත ඇති කල පීඩනයද ඉතා ඉහලය. මේ වනවිට එක්සත් රාජධානියේ ගැවසෙමින් සිටින ශ්‍රී ලාංකේය ජවසම්පන්න ඉංජිනේරුවකු වූ ආචාර්ය මයුර ජයසෝම ශ්‍රී ලංකාවට සූර්ය බලශක්ති ජනනය පිලිබඳ ඇති විභවය පිලිබඳ පූර්ව දැක්මකින් යුතු විය. මේ අනුව ඔහු අදාල ප්‍රතිපත්ති සම්පාදකයින් හමු වී එවකට පැවති සූර්ය බලශක්ති ප්‍රවණතා පිලිබඳ ඔවුන් දැනුවත් කරමින් ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්ති ප්‍රතිපත්ති සම්පාදනය සඳහා තීරණාත්මක මැදිහත් වීමක් සිදු කලේය. ඔහුගේ ඒ අධිෂ්ඨානශීලි කැපවීම මල්ඵල දරමින් 2010 වසරේදී නෙට් මීටරින් සංකල්පය ශ්‍රී ලාංකේය විදුලි ක්ෂේත්‍රය තුල බලාත්මක විය.

2010

© 2017 JLanka Technologies All rights reserved
Web Design Sri Lanka